Thursday, July 14, 2016

ඇය!!

මගේ පපුවේ
උඹේ මුහුන
හංග ගත්තම,
උඹට වඩා
සතුටු වුනේ
මං
මයේ
මැණිකේ..


අර්ෂාද් AK ඛාන් © 2015

මගුල් කෑම

පොහොසත් මිනිස්සුන්ට
ආරාධනා කරලා
දුප්පත් කෑම වේලක්
දෙනවට වඩා,
දුප්පත් මිනිහෙක්
ලඟට ගිහිං
කෑම වේලක් බෙදාගන්නා
තරං සතුටක්..


අර්ෂාද් AK ඛාන්© 2015

ඇය!!

මාගේ
කළුවර
අහසට
පෑයූ
එකම
පුන් සඳ
විය.


අර්ෂාද් AK ඛාන් © 2015

Monday, July 4, 2016

ඇය!!

සිගරට් දුමට
මං වහලෙක් වුනේ
උඹ හින්දම නෙමේ බං.
වැඩි හරියක්ම,
අමතක කරන්න
බැරිතරං තියෙන
උඹේ මතකයන්
නිසා..


අර්ෂාද් AK ඛාන්© 2016

ඇය!!

උඹ
ඉන්න තැනක
සතුටින් ඉඳපං.
හැබැයි
එකක්,
උඹ කවදත්
මගේ මැණික
තමයි.
නෑ නෑ!!
කතාව නිමි නෑ.
මතුසම්බන්ධයි විතරයි 


අර්ෂාද් AK ඛාන් © 2016

Friday, June 24, 2016

ඇය!!

උඹ විලක ඉන්න නෙළුමක්,
අනෙක් අය වගේ මට උඹව නෙලාගන්න ඕනේ නෑ.
මට ඕනේ උඹ ඉන්න විල ලස්සන කරන්න.
මං උඹට එච්චරට ආදරෙයි!!


අර්ෂාද් AK ඛාන් 2016

Wednesday, June 8, 2016

මම වැරදිද කියල මම දන්නෙ නැහැ..

(My 2nd SMS Short Story....)

මම වැරදිද කියල මම දන්නෙ නැහැ..
මට ඒ ගැන කියන්නත් එපා..
මට ඒ ගැන දැනගන්න කැමතිත් නැහැ..
මම කව්ද කියන එක ගැන මම තව දුරටත් හොයන්නෙ නැහැ..
මම කොහොම කෙනෙක්ද කියන එක ගැන මම තව දුරටත් වද වෙන්නෙත් නැහැ..
මම ඉන්න විදියට කැමතියි..

ඒක ගැන කාට හරි ප්‍රශ්ණයක් තියෙනවානම්,
ඒ අයට මගේ ජීවිතයෙන් ඈතට යන්න පුලුවන්,
මම ඒ ගන දුක් වෙන්නෙ නැහැ..
හැබැයි හිතේ කොනක කොහේ හරි පොඩි තැනක දුකක් කවදා හරි ඇතිවෙයි,

(to be continued..)

Arshaad AK Khan 2011