Thursday, July 14, 2016

ඇය!!

මගේ පපුවේ
උඹේ මුහුන
හංග ගත්තම,
උඹට වඩා
සතුටු වුනේ
මං
මයේ
මැණිකේ..


අර්ෂාද් AK ඛාන් © 2015

මගුල් කෑම

පොහොසත් මිනිස්සුන්ට
ආරාධනා කරලා
දුප්පත් කෑම වේලක්
දෙනවට වඩා,
දුප්පත් මිනිහෙක්
ලඟට ගිහිං
කෑම වේලක් බෙදාගන්නා
තරං සතුටක්..


අර්ෂාද් AK ඛාන්© 2015

ඇය!!

මාගේ
කළුවර
අහසට
පෑයූ
එකම
පුන් සඳ
විය.


අර්ෂාද් AK ඛාන් © 2015

Monday, July 4, 2016

ඇය!!

සිගරට් දුමට
මං වහලෙක් වුනේ
උඹ හින්දම නෙමේ බං.
වැඩි හරියක්ම,
අමතක කරන්න
බැරිතරං තියෙන
උඹේ මතකයන්
නිසා..


අර්ෂාද් AK ඛාන්© 2016

ඇය!!

උඹ
ඉන්න තැනක
සතුටින් ඉඳපං.
හැබැයි
එකක්,
උඹ කවදත්
මගේ මැණික
තමයි.
නෑ නෑ!!
කතාව නිමි නෑ.
මතුසම්බන්ධයි විතරයි 


අර්ෂාද් AK ඛාන් © 2016