Saturday, July 14, 2018

අක්කේ..

සති දෙකක්නෑ
උඹත් එක්ක
හිනාවෙලා කතාකරලා..

අක්කගේ කහට අඩු ප්ලේන්ටිය
දැං කව්ද මට
මං ආස විදිහට
හදලා දෙන්නේ..

සනීප වෙලා ආවම
කොච්චර ලොකු ආරංචියක්
කියන්නද මං
සතුටින් බලාගෙන හිටියේ..

උඹ හදිස්සී වුනා වැඩී අක්කේ..
දැං මං කා එක්කද කිහාංකෝ
විහිලුවට හරි
කෝල් කරලා රණ්ඩු වෙන්නේ..

යන තැනක උඹ හොඳිං හිටපං..


මීට,
උඹේම මල්ලී..

Facebook Page Post

No comments:

Post a Comment